Gossips

ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවෙන්, ඉන්දියාවට තහංචි

නවදිල්ලියේ පැවැත්වෙන ලෝක ශූරතා වෙඩි තැබීමේ තරගාවලිය සඳහා පාකිස්තාන ක්‍රීඩකයන්ට වීසා බලපත් නිකුත් නොකිරීම හේතුවෙන් ඉන්දියාවට එරෙහිව දැඩි පියවර ගැනීමට ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව තීරණය කර තිබෙනවා.
ඒ අනුව ඔලිම්පික්වලට අදාළ කිසිදු ගෝලීය තරගාවලියක් ඉන්දියාවේ පැවැත්වීම පිළිබද සාකච්ඡා කිරීම ද අත්හිටුවන බවයි එමගින් සඳහන් කළේ.
ඒ අනුව ඉදිරියේදී ජාත්‍යන්තර තරගාවලි එරට පැවැත්වීම ගැටළුවක් වනු ඇති.
ඉන්දියාව, පාකිස්තාන ක්‍රීඩකයන්ට වීසා බලපත් නිකුත් කිරීම ප්‍රතික්ෂේප කළේ ඉන්දීය සෙබළුන් 40 දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්වූ කාශ්මීර ප්‍රහාරයෙන් අනතුරුවයි.