Gossips

කුරු මිනිසුන් නිසා කුලියාපිටියත් රත්වෙයි (ඡායාරූප)

කුලියාපිටිය, එලතලව ප්‍රදේශයේ අත්භූත අයුරින් සැරිසරන්නේ අම්පාර ප්‍රදේශයේ් සිටිබැව් කියන නිට්ටෑවන් දැයි සැකයක් මතුවන බව ඒ පිළිබදව බියෙන් හා කුතුහලයෙන් පසුවන ප්‍රදේශවාසීන් පවසනවා.
එවැනි ආකාරයේ අත්භූත සතෙකු දැකීමෙන් අනතුරුව පැතිරෙන විවිධ කටකතා හේතුවෙන් ප්‍රදේශයේ පිරිස් තවත් අසීරුතාවයට පත්ව ඇතැයි ද ඔවුන් පවසනවා.
මේ පිළිබඳව විමසා බැලීමට ගිය අපට හමුවූ සියැසින් එම අත්භූත සත්වයා දුටු බව කියන පිරිස පැවසුවේ මෙවන් අදහස්.
මුලින්ම මෙම නිට්ටෑවායැයි සැකකරන සත්වයා දුටු මූණමල්දෙණියේ සුනිල් ජයතිලක –
මම මීට දවස් 15කට විතර කලින් කුඹුරට ගියා වල්පැල කපන්න. පස්සෙ එතන ඉදලා මීටර් 20ක් වගේ ඈතින් කෙනෙක් පිටුපස හැරිලා බලාගෙන ඉන්නවා වගේ දැක්කා. වදුරෙක් වගේ වුණත් වදුරෙක් නම් නෙවෙයි කියන්න පුලූවන්. මම බයවෙලා අතේ තියන උදැල්ල අරගෙන පැන්නුවා ඒ සතා පස්සෙන් පුදුම වේගෙකින් දිව්වා. මම ඇවිල්ලා ගොඩක් අයට කිව්වා ඒ පැත්තට යනවානම් පරිස්සමෙන් ඉන්න කියලා.
පහළ එලතලව ප්‍රදේශයේ අදාළ නිට්ටෑවන්යැයි සිතිය හැකි සත්වයා දුටුබව කියන වයඹ විශ්ව විද්‍යාලයේ ඉගනුම ලබන ඉමාශා උවන්දනී දැරිය මෙසේ පැවසුවා –
අපි සෝමරත්න මාමලාගෙ ගෙදර හවස්වෙලා ඒ ගැන කථා කරමින් හිටියා පස්සෙ සෝමෙ මාමා කිව්වා අන්න කුරු මිනිහෙක් වෙලදිගේ කැලේ පැත්තට එනවා කියලා. අනික් අය හිනාවෙලා නිකංහිටියත් මම ගියා බලන්න. අතේ දිග යෂ්ඨියක් තිබුණා වගේ දැක්කා. ටිකක් කලබලෙන් වගේ වෙල දිගේ ඇවිත් රිට පැන්නාවගේ වෙලේ ඉදලා පැන්නා. අපිට බය හිතුනෙ නැහැ ඒ වෙලාවෙ. අපි පස්සෙන් ගියා අඩි සලකුණු කියලා හිතන්න පුලූවන් සළකුණුත් තියනවා හිටියයි කියලා හිතෙන කැලේ පොඩිවුණ තැන් පවා අපි දැක්කා. හැබැයි නිතර නිතර බල්ලන් ඒ පැත්තට බුරනවා ඇහෙනවා.
එම සිද්ධියම විස්තර කළ රුවනි චන්ද්‍රලතා මෙසේ ප්‍රකාශ කළා –
අපි වත්ත පුරා දිව්වා. හොයාගන්න බැරිතැන ගමේ අයව දැනුවත් කළා පස්සෙ ආරංචිවුණා මූණමල්දෙණියෙ පන්සලේ හිටපු කුකුල්ලූ අරගෙන ගිහින් කාලා කියලත්. අපි පොලිසිය දැනුවත් කළා පොලිසියෙනුත් ලොකු සහයෝගයක් දෙනවා ගමේ පිරිසගෙ ආරක්‍ෂාවට. කොහොම වුණත් ගමේ බිළිදු දරුවන් ඉන්න අය ගොඩක් බයෙන් ඉන්නවා. අම්පාර පැත්තෙ හිටපු නිට්ටෑවන් නම් ඇවිල්ලා තියෙන්නෙ මහා භයානකයි. අන්න ඒ නිසා අපි ඉල්ලනවා ඇවිල්ලා මේගැන හොයලා බලන්න කියලා.
මෙහි විශේෂත්වය වන්නේ අන්තර්ජාලයෙන් බාගත කරගත් ඡායාරූපයක් පෙන්වා සිටීමේදී සියලූම දුටුබව කියන පිරිස් පවසන්නේ ඊට සමාන බව බවයි.
මේ පිිළිබදව අප කළ වවිමසීමකදී උසස් පොලිස් නිළධාරියෙකු පැවසූයේ අදාල ප්‍රදේශයේ දුටුබැව් කියන පිරිස් ලබාදෙන ප්‍රකාශ අනුවයමින් ඒ පිළිබද පුලූල් පරීක්‍ෂණ පවත්වන බවයි.