Gossips

මහබැංකුව ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය පහත හෙළයි

වාණිජ බැංකු සඳහා බල පවත්වන ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය මාර්තු 1 වන දා සිට ක්‍රියාත්මක වන පරිදි සියයට 5 දක්වා පහත හෙලීමට මහබැංකු මූල්‍ය මණ්ඩලය තීරණය කර තිබෙනවා.
එමෙන්ම මහබැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාත තවදුරටත් එම මට්ටම්වලින් පවත්වා ගැනීමටයි එහිදී තීරණය වී ඇත්තේ.
ඒ අනුව ස්ථාවර තැන්පතු පොලී අනුපාතය සියයට 8ක් සහ ස්ථාවර නිකුතු පොලී අනුපාතය සියයට 9ක් ලෙස ක්‍රියාත්මක වනු ඇති.
දේශීය ආර්ථිකයේ සහ ගෝලීය වෙළදපොළ වත්මන් ප්‍රවනතාවන් මෙන්ම අපේක්ෂිත වර්ධනයන් සැලකිල්ලට ගෙන එම තීරණයට එළඹුණු බව මහබැංකුව ප්‍රකාශ කළා.