Gossips

මත් විරෝධී වැඩසටහනට ගිය, උප පොලිස් පරීක්ෂකට පිහි ප්‍රහාරයක්

මත්ද්‍රව්‍ය විරෝධී වැඩසටහනකට සහභාගිවීමට ගිය වරකාපොල පොලිසියේ ප්‍රජා පොලිස් ඒකකයට අනුයුක්තව සේවය කරන උප පොලිස් පරීක්ෂකවරයෙකුට තියුණු ආයුධයකින් පහර දී තිබෙනවා.
පහරකෑමෙන් තුවාල ලැබූ උප පොලිස් පරීක්ෂකවරයා වරකාපොල මූලික රෝහලට ඇතුළත් කර ඇති බව සඳහන්.
පලමුරේ කණිෂ්ඨ විද්‍යාලයේ දරුවන්ගේ සහභාගීත්වයෙන් මත්ද්‍රව්‍ය විරෝධී වැඩසටහනක් ඊයේ ක්‍රියාත්මක වුණා.
ඒ අනුව සිසුන් මත්ද්‍රව්‍ය විරෝධී බැනර් සහ පෝස්ටර් ප්‍රදර්ශනය කරමින් වරකාපොල – අඟුරුවැල්ල මාර්ගයේ පැමිණ ඇති අතර, එම අවස්ථාවට උප පොලිස් පරීක්ෂකවරයාත් එක් වී තිබෙනවා.
එහිදී මාර්ගයේ සිටි නීතිවිරෝධී මත්පැන් ජාවාරම්කරුවෙකු, උප පොලිස් පරීක්ෂකවරයාට තියුණු ආයුධයකින් පහරදී පළාගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ.