Gossips

කොකේන් ගැන කතා කරන කමිටුව අද රැස්වෙයි

කොකේන් භාවිත කරන මැති ඇමතිවරුන් පිළිබඳව රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා සභානායක, අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ලගේ ප්‍රධානත්වයෙන් පත්කළ කමිටුව අද රැස්වනවා.
එහිදී අදාළ ප්‍රකාශය සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු විමර්ශනය කෙරෙනු ඇති.
ඒ අනුව එම කමිටුව අද පෙරවරු 9.30ට පාර්ලිමේන්තුවේ කමිටු කාමර හතේදී රැස්වීමට නියමිතයි.
එමෙන්ම, පසුගිය වසරේ නොවැම්බර් මස 14,15,16 යන දිනයන්හි පාර්ලිමේන්තුවේ සිදුවු කලහකාරි සිද්ධිය සම්බන්ධයෙන් වූ වාර්තාව අද කතානායක කරූ ජයසුරිය විසින් සභාවට ඉදිරිපත් කිරීමට බොහෝ දුරට ඉඩ ඇති බවද පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළා.
මේ අතර, ව්‍යවස්ථාදායක සභාව සම්බන්ධයෙන් වන කල් තැබීමේ විවාදය ඊයේ පාර්ලිමේන්තුවේදී පැවැත්වුණා.