Gossips

රියදුරන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් නිසා දුම්රිය ප්‍රමාදයක්

මරදාන – ඩීසල් බලවේග ධාවනාගාරයේ රියදුරන් ආරම්භ කර ඇති වෘත්තීය ක්‍රියාමාර්ගයක් හේතුවෙන් දුම්රිය ප්‍රමාදයක් සිදුවිය හැකි බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.
මේ හේතුවෙන් ගල්කිස්සේ සිට කන්කසන්තුරේ දක්වාත්, මරදානේ සිට මාතර දක්වාත් ගමන් කරන දුම්රිය ප්‍රමාද විය හැකි බවයි දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ.