Gossips

සැඟව සිටි කුරු මිනිසෙකු කාන්තාවක් අල්ලා එක්වරම පලාගිය හැටි එළියට

සැඟව සිටි කුරු මිනිසෙකු තමන් සීරීමට ලක්කර පළා ගිය බව අනුරාධපුර – මහවිලච්චිය ප්‍රදේශයේ කාන්තාවන් කිහිපදෙනෙකු පවසනවා.
මේ අතර අම්පාර ප්‍රදේශයේ හේන් ගොවීන් කිහිප දෙනෙකු වනචාරී කුරු මිනිසුන් දුටු බවට ප්‍රකාශ කළා.
මේ සමගින් මෙරටින් වඳ වී ගිය බවට සැලකෙන නිත්තෑවන් හෙවත් වනචාරී කුරු මිනිසුන් පිළිබඳව යලිත් සමාජය තුල කතාබහක් මතු වී තිබෙනවා.
අනුරාධපුර – මහවිලච්චිය – ඇත්දක්කල්ල ප්‍රදේශයේදී කුරු මිනිසකු විසින් තමාව සිරීමට ලක් කළ බවයි කාන්තාවක් පවසන්නේ.
තවත් කාන්තාවන් කිහිප දෙනෙකුම ඒ හා සමාන සිදු වීම් කිහිපයකට මුහුණ දී තිබෙනවා.
මේ අතර ජනප්‍රවාද වල පැවත එන නිත්තෑවන් හා සමාන කුරු මිනිසෙකු පසුගිය දින කිහිපයේදීම දුටු බව නිත්තෑවන් විසූ බව පැවසෙන අම්පාර – දමණ – තොට්ටම ප්‍රදේශයේ හේන් ගොවීන් පිරිසක් පවසනවා.
අම්පාර – දමණ – තොට්ටම ප්‍රදේශයෙන් වාර්තා වූ මෙම සිද්ධිය පිළිබඳ සොයා බැලීමට අප වාර්තාකරු එම ප්‍රදේශයට ගියා.
මේ අතර හේන් ගොවීන් ලබා ගත් ජායාරූප කිහිපයක් තුළ ඇති පා සළකුණු එම කුරු මිනිසාගේ බවයි ගොවීන් ප්‍රකාශ කරන්නේ.
අම්පාර – තොට්ටම ප්‍රදේශයෙන් වාර්තා වන මෙම කුරු මිනිසුන් පිළිබඳ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මානව විද්‍ය අංශය විසින් පර්යේෂණයක්ද සිදු කර තිබෙනවා.
මානව විද්‍යාඥයින්ගේ පර්යේෂණ අනුව නිත්තෑවන් හෙවත් නිට්ටෑවන් යනු 18 වන ශතවර්ශය තෙක් මෙරට විසූ කුරු ජන කොට්ඨාෂයක්.
ඔවුන් බහුලව වාසය කර ඇති බවට සැලකෙන්නේ නැගෙනහිර පළාතේ අම්පාර ආශ්‍රිතවයි.
නිත්තෑවන් සම්බන්ධයෙන් පර්යේෂණ කිහිපයක් සිදුකර ඇතත්, මෙතෙක් ඔවුන් පිළිබඳ නිශ්චිත භෞතික සාක්ෂියක් ඉදිරිපත් වී නැහැ.
සමාජ විද්‍යාඥයින් සහ ගවේශකයින් විසින් පළ කර ඇති මත වලට අනුව නිත්තෑවන් යනු මිනිසුන් මෙන් දෙපාවලින් ඇවිඳ යා හැකි, සත්ව මුහුණක් සහිත, ශරීරයේ ලෝම පිරි දිගු නියපොතු සහිත සත්ත්ව කොට්ඨාෂයක්.
රංචු වශයෙන් දිවි ගෙවූ නිත්තෑවන් මිනී මස් කෑමටද පුරුදුව සිට තිබෙනවා.
නිත්තෑවන්ගෙන් එල්ල වූ තර්ජන හේතුවෙන් වැදිජනතාව විසින් ඔවුන්ව සමූල ඝාතනය කර ඇති බව ජනප්‍රවාද වල සඳහන්.