Gossips

මහජනයා ප්‍රජාතන්ත්‍රවාදය කෙරෙහි දක්වන උනන්දුව තවත් වර්ධනය විය යුතුයි – මැතිවරණ කොමිසමේ සභාපති

මෙරට මහජනයා ප්‍රජාතන්ත්‍රවාදය කෙරෙහි දක්වන උනන්දුව තව තවත් වර්ධනය විය යුතු බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසනවා.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව සදහන් කළා.
ප්‍රජාතන්ත්‍රවාදය පිළිබද සමාජ කථිකාවතක් ඇති කිරීම වෙනුවෙන් මැතිවරණ කොමිෂන් සභාව, අධ්‍යාපන අමාත්‍යාංශය සහ කැලණිය විශ්වවිද්‍යාලය සමග ඒකාබද්ධව සංවිධාන කරනු ලබන "පවුර" කෙටි චිත්‍රපට උළෙල පිළිබද දැනුවත් කිරීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවැත්වුණා.
මේ අතර, අද පැවැති ජාතික මව් භාෂා දින සැමරුම සදහා දේශපාලනඥයින් මෙන්ම මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා ද එක්ව සිටියා.
උත්සවයෙන් අනතුරුව ඒ සදහා එක්වූ දේශපාලන නියෝජිතයින් ඉදිරි මැතිවරණ පිළිබද මෙලෙස අදහස් පළකළා.