Gossips

19 වන සංශෝධනය අපචාරයට ලක්ව ඇතැයි ජනපති පාර්ලිමේන්තුවේදී කියයි

19 වන සංශෝධනය නමැති සුජාත දරුවා අපචාරයට ලක්ව ඇති බව කරුණු පැහැදිලිව තමාට ප්‍රකාශ කළ හැකි බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළා.
ඒ පාර්ලිමේන්තුවේදී අද ආරම්භ වූ ව්‍යවස්ථා සභා විවාදයට එක්වෙමින්. 19 වන සංශෝධනයෙන් බලාපොරොත්තු වූ බොහෝ දේ ඉටු කර ගැනීමට නොහැකි වූ බවයි ජනාධිපතිවරයා එහිදී කියා සිටියේ.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන තවමත් පාර්ලිමේන්තුව අමතමින් සිටිනවා.