Gossips

අතුරුදන්වූ තරුණයෙකුගේ සිරුරක් මාවුස්සාකැලේ ජලාශයෙන් සොයා ගැනේ

මස්කෙළිය ප්‍රදේශයේදී අතුරුදන් වූ බවට වාර්තා වුණු තරුණයාගේ සිරුර අද නාවික හමුදාව විසින් මාවුස්සාකැලේ ජලාශයේ තිබී සොයා ගෙන තිබෙනවා.
වයස අවුරුදු 30 ක් පමණ වූ මෙම තරුණයා ඉකුත් 19 වනදා සිට අතුරුදන් වී ඇති බවට පොලිීසියට පැමිණිල්ලක් ලැබී තිබුණා.
පසුව, ප්‍රදේශවාසීන්, පොලීසිය සහ නාවික හමුදාව එක්ව සිදුකළ මෙහෙයුමකදීයි ඔහුගේ සිරුර මාවුස්සාකැලේ ජලාශයේ තිබී සොයා ගෙන ඇත්තේ.
මියගිය තරුණයා ජලාශයට වැටුණා ද, නැතහොත් සියදිවි හානි කර ගත්තා ද යන්න පිළිබදව පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.