Gossips

මතුගම ප්‍රදේශයේ රිය අනතුරකින් දෙදෙනෙකු ජීවිතක්ෂයට

මතුගම – අලූත්ගම ප්‍රධාන මාර්ගයේ බදුගම පොදු සුසාන භූමිය ඉදිරිපිට සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ඊයේ රාත්‍රියේ අලූත්වැඩියා කටයුතු සඳහා මාර්ගය අයිනේ නවතා තිබූ ලොරි රථයක යතුරුපැදියක් ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
සිද්ධියෙන් යතුරුපැදියේ ගමන් ගත් අවුරුදු 25 සහ 30 හැවිරිදි තරුණයින් දෙදෙනා බරපතල තුවාල ලබා වෑත්තෑව රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් තිබෙනවා.