Gossips

විරෝධතාවක් නිසා බත්තරමුල්ල අවට දැඩි රථවාහන තදබදයක්

බත්තරමුල්ල – පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගය ඉදිරිපිට කළමනාකරණ සහකාර සේවා ඒකාබද්ධ වෘත්තිය සමිති සන්ධානය මේ වනවිට විරෝධතාවක නිරතවනවා.
ඒ වැටුප් විෂමතා ඉවත් කිරීම ඇතුලූ ඉල්ලීම් 13කට රජය මෙතෙක් පිළිතුරු ලබා නොදීමට එරෙහිවයි.
මෙම විරෝධතාව නිසා පාර්ලිමේන්තු වටරවුම අසළ සිට ජයන්තිපුර පිවිසුම දක්වා වූ මාර්ගය සම්පූර්ණයෙන්ම වසා දමා තිබෙනවා.
මේ හේතුවෙන් බත්තරමුල්ල අවට දැඩි රථවාහන තදබදයක්ද හටගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ.