Gossips

කොළඹ – කටුනායක අධිවේගී මාර්ගයේ එක් මංතීරුවක් තාවකාලිකව වැසේ

කොළඹ – කටුනායක අධිවේගී මාර්ගයේ ස්ථාන කිහිපයකදී එක් මංතීරුවක් තාවකාලිකව වසා තැබෙන බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසනවා.
අද සිට ලබන 28 වනදා දක්වා අධිවේගී මාර්ගයේ ස්ථාන කිහිපයක අත්‍යාවශ්‍ය මාර්ග නඩත්තු කටයුතු සිදුකෙරෙන බැවින් මෙලෙස එක් මංතීරුවක් තාවකාලිකව වසා තැබෙන බවයි මාර්ග සංවර්ධන අධිකාරියේ අධිවේගී මාර්ග මෙහෙයුම් සහ නඩත්තු අංශයේ අධ්‍යක්‍ෂ එස්. ඕපනායක කියා සිටියේ.
එම නිසා නඩත්තු කටයුතු සිදුකරන ස්ථානවලදී වේගය සීමාකරමින් ධාවනය කරන ලෙසටයි ඔහු රියදුරන්ගෙන් ඉල්ලීමක් කළේ.