Gossips

නීතිවිරෝධීව ජෝර්දානයේ රැඳී සිටින ශ්‍රමිකයින්ට මාස 6 ක පොදු සමා කාලයක්

ආගමන විගමන නීති උල්ලංඝනය කරමින් ජෝර්දානයේ රැදී සිටින ශ්‍රමිකයින්ට එරටින් පිටව යාම සඳහා පොදු සමා කාලයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
ජෝර්දාන රජය විසින් අගෝස්තු තුන්වනදා සිට මාස 6 ක මෙම පොදු සමා කාලයක් මෙලෙස ප්‍රකාශයට පත් කර ඇත්තේ විදේශ සේවා නියුක්ති කාර්යාංශය එරටින් කළ ඉල්ලීමකට අනුවයි.
ශ්‍රී ලාංකිකයින් 3500ක පිරිසක් ජෝර්දානයේ නීතිවිරෝධීව රැඳී සිටිනවා.
මේ අතර ආගමන විගමන නීති උල්ලංඝනය කරමින් වන්දනාව සඳහා ඊශ්‍රායාලය වෙත ගිය ශ්‍රී ලාංකිකයින් 53 දෙනෙකු මෙරටට පිටුවහල් කර තිබුණා.
ඔවුන්ගෙන් පිරිසක් ඊයේ පස්වරුවේ සහ අද අලූයම ශ්‍රී ලංකාවට පැමිණි අතර තවත් පිරිසක් අද පස්වරුවේ දිවයිනට පැමිණීමට නියමිතයි.