Gossips

යාපනයේ – කරුවම්පිල්ලෙයි ප්‍රදේශයේ නිවසකට බෝම්බ ගැසුවයි සිව්දෙනෙකු අත්අඩංගුවට

යාපනය – කරුවම්පිල්ලෙයි ප්‍රදේශයේ නිවසකට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ල කර දේපල හානි සිදුකිරීම සම්බන්ධයෙන් තරුණයින් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් නිලධාරීන් 150 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ඊයේ කෝපායි ප්‍රදේශයේ සිදුකළ විශේෂ මෙහෙයුමකදියි මොවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ.
එහිදී ඔවුන් සතුව තිබූ ආයුධ කිහිපයක් සහ යතුරුපැදියක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.
සැකකරුවන් කෝපායි සහ නල්ලූර් ප්‍රදේශවල පදිංචි අවුරුදු 19 ත් 27 ත් අතර වයස්වල පසුවන්නන්.
මෙම පෙට්‍රල් බෝම්බ ප්‍රහාරය පසුගිය 19 වනදා වාර්තාවූ අතර, සැකකරුවන් මීට පෙර ප්‍රදේශයේ නිවාස කිහිපයකට පහරදීමේ සිද්ධීන්වලට සම්බන්ධ බවයි පොලීසිය සඳහන් කළේ.