Gossips

Update : ක්‍රිකට් නිලවරණය ඇරඹේ

විවිධ ගැටළු හේතුවෙන් කිහිපවරක් කල් දැමුණු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන නිලවරණය මේ වනවිට ආරම්භ වී තිබෙනවා.
ඒ, ක්‍රීඩා අමාත්‍යාංශයේ ඩන්කන් වයිට් ශ්‍රවණාගාරයේදීයි.
Update : Thursday, February 21, 2019 , 9:58 AM
——————————————————–
විවිධ ගැටළු හේතුවෙන් කිහිපවරක් කල් දැමුණු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන නිලවරණය ක්‍රිකට් ආයතනයේ ඩන්කන් වයිට් ශ්‍රවණාගාරයේදී අද පෙරවරුවේ පැවැත්වෙනවා.
2019 – 2021 දක්වා වන වසර දෙකක කාල පරිච්ඡේදය සඳහා පැවැත්වෙන මෙම නිලවරණයේදී සභාපති, උප සභාපතිවරුන් දෙදෙනෙකු, ලේකම්, උප ලේකම්, භාණ්ඩාගාරික සහ උප භාණ්ඩාගාරික යන තනතුරු හත සඳහා නිලධාරීන් පත් කරගැනීමට නියමිතයි.
ශ්‍රී ලංකා ක්‍රිිකට් ආයතනයේ සාමාජිකයන් වන පළාත්, දිස්ත්‍රික්, පරිපාලන සහ අනුබද්ධ යන සංගම් මෙන්ම ක්‍රීඩා සමාජවල ඡන්ද 147 ක් ඇති අතර, ඉන් ඡුන්ද 142 ක් මෙවර නිලවරණයේදී ප්‍රකාශ කිරීමට නියමිතයි.
දකුණු පළාත් ක්‍රිකට් සංගමය, ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සහ කළුතර කායවර්ධන කවයට මෙවර ඡුන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව අහිමිවී තිබෙනවා.
විශ්‍රාම ලත් අභියාචනාධිකරණ විනිසුරුවරු චන්ද්‍රා ජයතිලකගේ සභාපතිත්වයෙන් යුත් නිලවරණ කමිටුව මෙවර නිලවරණය මෙහෙයවන අතර, එය නිරීක්ෂණය කිරීම සඳහා මැතිවරණ කොමිසමේ නිලධාරීන් ඇතුලූ රාජ්‍ය නිලධාරීන් 10 දෙනෙකුට වැඩි සංඛ්‍යාවක් සහභාගිවනවා.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති තනතුර සඳහා ශම්මි සිල්වා, ජයන්ත ධර්මදාස සහ කේ. මතිවානන් තරග වදින අතර, ලේකම් තනතුර සඳහා නිශාන්ත රණතුංග, මොහාන් ද සිල්වා, ශම්මි සිල්වා සහ බන්දුල තිලක් තරග වදිනු ඇති.
ක්‍රීඩා අමාත්‍යාංශයේ මැදිහත්වීම මත මෙවර නිලවරණයේදී මොහාන් ද සිල්වා ලේකම් ධුරයටත්, රවීන් වික්‍රමරත්න උප සභාපති ධුරයටත් තරග කිරීමට අභියාචනාධිකරණය ඊයේ එකඟතාව පළකර තිබුණා.
අමාත්‍ය අර්ජුන රණතුංග උප සභාපති ධුරය සඳහා තරග කරන අතර, ඔහු මීගමුව ක්‍රීඩා සමාජය නියෝජනය කරමින් නිලවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට නියමිතයි.
මේ අතර ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර දෙවන සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය අද පෝට් එලිසබෙත් හිදී ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 1.30 ට ආරම්භ වීමට නියමිතයි.