බලපත්‍ර නොමැතිව වෙනිවැල්ගැට ශාඛ කොටස් ප්‍රවාහනය කළ දෙදෙනෙකු බදුරලිය – බෙල්ලන ඉන්ධන පිරවුම්හල අසළදී කළුතර කොට්ඨාශ නීතිය බලගැන්වීමේ ඒකකයේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ ලොරි රථයක් ඊයේ පරීක්ෂා කිරීමේදී සැකකරුවන් සන්තකයේ තිබී වෙනිවැල්ගැට ශාඛ කොටස් කිලෝ 1077 ක් පොලිස් භාරයට ගෙන ඇති බවයි.
අවුරුදු 30 ක් සහ 52 ක් වයසැති සැකකරුවන් බදුරලිය ප්‍රදේශයේ පදිංචිකරුවන්.