Gossips

නීතිඥ සංගමයේ නව සභාපති ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස

2019 – 2020 වසර සඳහා ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ නව සභාපතිවරයා ලෙස ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස තේරී පත්වී තිබෙනවා.
අද පැවති නීතිඥ සංගම් නිලවරණයේදී ඔහුට හිමිවූ ඡන්ද සංඛ්‍යාව 4702 ක්.
ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ නව ලේකම්වරයා ලෙසට තේරී පත්වී ඇත්තේ කෞෂල්‍ය නවරත්නයි.
නීතීඥ සංගමයේ නව සභාපති ලෙස සහ ලේකම් පත් කරගැනීම වෙනුවෙන් පැවති නිලවරණය සඳහා අද උදෑසන 7.30 ට ආරම්භ වූ ඡන්ද ප්‍රකාශ කිරීම කොළඹ ඇතුලූ දිවයිනේ මධ්‍යස්ථාන 83කදී පැවැත්වුණා.
ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති ධුරය සදහා ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස සහ ජ්‍යෙෂ්ඨ නීතිඥ මහින්ද ලොකුගේ තරග කළ අතර, ලේකම් ධුරයට තරග කළේ නීතිඥ කෞෂල්‍ය නවරත්න සහ නීතිඥ සමන් වැලිඅංගේයි.