Gossips

විස්සයි විස්ස සටනට ශකිබ් අල් හසන්

ශ්‍රී ලංකාවේ පැවැත්වෙන නිදහස් කුසලාන විස්සයි විස්ස තරගාවලිය සඳහා බංග්ලාදේශ කණ්ඩායම මෙහෙයවීමට ශකිබ් අල් හසන් නම් කර තිබෙනවා.
කෙසේ නමුත්, ඔහු පළමු තරඟ දෙක සඳහා සහභාගිවීම අවිනිශ්චිත බවයි බංග්ලාදේශ කළමනාකාරීත්වය සඳහන් කළේ.
ශ්‍රී ලංකාව ද සහභාගි වූ තුන්කොන් එක්දින තරගාවලියට සහ විස්සයි විස්ස තරගාවලියට ද ඔහුට සහභාගිවීමට නොහැකි වූයේ තුවාල ලැබීම හේතුවෙන්.
ශ්‍රී ලංකාවට පැමිණෙන බංග්ලාදේශ පිළේ වැඩබලන පුහුණුකරු ලෙස කර්ට්නි වොල්ෂ් කටයුතු කරනු ඇති.
මීට පෙර ශ්‍රී ලංකාවට එරෙහිව බංගලාදේශයේ දී පැවති පළමු ටෙස්ට් තරඟයේදී ඇඟිල්ලේ සිදුවූ අබාධයක් හේතුවෙන් ශකිබ්ට ඉන් පසුව පැවති තරඟ කිහිපයක් අහිමිවූවා.
මේ අතර ලබන 6 වෙනිදා ආරම්භ වන නිදහස් කුසලාන විස්සයි විස්ස තුන්කොන් ක්‍රිකට් තරගාවලියට ශ්‍රී ලංකා නිත්‍ය නායක ඇන්ජලෝ මැතිව්ස්ට අහිමි වී තිබෙනවා.
ඒ ඔහුගේ අබාධය තවමත් සුව නොවීම හේතුවෙන්.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ භෞතචිකිත්සකවරයා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකාරීත්වයට දන්වා ඇත්තේ මැතිව්ස් තවමත් සම්පූර්ණ සුවය ලබා නැති බවයි.
මේ අනුව නිදහස් කුසලානයේදී ශ්‍රී ලංකා කණ්ඩායම දිනේෂ් චන්දිමාල් විසින් මෙහෙයවනු ඇති.
ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ බංග්ලාදේශය සහභාගි වන නිදහස් කුසලාන විස්සයි විස්ස තුන්කොන් ක්‍රිකට් තරගාවලිය ලබන මාර්තු 06 වන දා සිට 18 වන දා දක්වා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.
මෙම තුන්කොන් තරඟාවලිය සඳහා ඉන්දීය කණ්ඩායමේ නිත්‍ය නායක විරාට් කෝලි, මහේන්ද්‍ර සිං දෝනි, බුවනේෂ්වර් කුමාර්, ජස්ප්‍රිට් බුම්රා සහ හාර්දික් පාණ්ඩ්‍යා යන ප්‍රබලතම ක්‍රීඩකයන් 05 දෙනා ඇතුළත් නොවන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබුණා.
මේ අතර එම තරඟාවලියට එක්වන ඉන්දීය සංචිතය ඊයේ ප්‍රකාශ කළා.
ඉන්දීය සංචිතය පහතින්.
Rohit Sharma (Captain),
Shikhar Dhawan (vice-captain),
KL Rahul, Suresh Raina,
Manish Pandey,
Dinesh Karthik (wk),
Deepak Hooda,
Washington Sundar,
Yuzvendra Chahal,
Axar Patel,
Vijay Shankar,
Shardul Thakur,
Jaydev Unadkat,
Mohammad Siraj,
Rishabh Pant (wk)