Gossips

නීතීඥ සංගමයේ නිලවරණයෙන් කලිංග සහ කෞෂල්‍ය පෙරමුණේ

ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ අද පැවති නිලවරණයේ නිල නොවන ප්‍රතිඵලවලට අනුව සභාපති ධුරයට තරග කළ ජනාධිපති නීතීඥ කලිංග ඉන්දතිස්ස සහ ලේකම් ධුරයට ඉදිරිපත්වූ නීතිඥ කෞෂල්‍ය නවරත්න ඉදිරියෙන් පසුවන බව එහි සභාපති යූ.ආර්. ද සිල්වා ප්‍රකාශ කළා.
පෙරවරු 7.30 සිට පස්වරු පහ දක්වා මධ්‍යස්ථාන 83 කදී ඡන්ද විමසීම පැවැත්වුණු අතර, ජනාධිපති නීතීඥ කලිංග ඉන්දතිස්ස සමඟ නීතීඥ සංගමයේ සභාපති ධුරයට ජ්‍යෙෂ්ඨ නීතිඥ මහින්ද ලොකුගේ තරග කළා.
නීතිඥ කෞෂල්‍ය නවරත්න සමඟ එහි ලේකම් ධුරයට තරග කළේ නීතිඥ සමන් වැලිඅංගේයි.