තමන් සතුව ඇති සියලූ තොරතුරු ශ්‍රී ලංකන් සහ මිහින් ලංකා ගුවන් සමාගම්වල සිදුවූ බව කියන අක්‍රමිකතා විමර්ශන කිරීම සඳහා පත් කළ ජනාධිපති කොමිසමට ලබාදුන් බව අමාත්‍ය කබීර් හෂීම් ප්‍රකාශ කළා.
අමාත්‍යවරයා අද උදෑසන 9 ට පමණ සාක්ෂි ලබාදීම සඳහා කොමිසම වෙත පැමිණි අතර, ඔහුගෙන් පැය 4 කට ආසන්න කාලයක් කොමිසම ප්‍රශ්න කර තිබෙනවා.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් මෙම කොමිසම පත් කරනු ලැබුවේ 2016 ජනවාරි පළමුවනදා සිට 2018 වසරේ ජනවාරි 31 වනදා දක්වා කාලසීමාව තුළ අදාල සමාගම්වල සිදුව ඇතැයි කියන අක්‍රමිකතා පිළිබදව සොයා බැලීම සදහායි.
වත්මන් ආණ්ඩුව බලයට පත්වූ පසු ශ්‍රී ලංකන් ගුවන් සේවය භාරව කටයුතු කරනු ලැබුවේ වත්මන් මහාමාර්ග හා මාර්ග සංවර්ධන සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම්.
මීට පෙර, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග, මුදල් අමාත්‍යාංශ හිටපු ලේකම් ආචාර්ය පී.බී.ජයසුන්දර, ශ්‍රී ලංකන් සහ මිහින් ලංකා ආයතනවල සිදුවූ බව කියන දූෂණ සොයන ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ ප්‍රකාශ ලබාදුන්නා.
මේ අතර ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ නිදහස් සේවක සංගමය ද අද එම කොමිසමට පැමිණිල්ලක් භාරදෙනු ලැබුවා.