Gossips

තියුණු ආයුධයකින් පහරදී තරුණයෙකු ඝාතනය කරයි

මතුගම පිටිගල ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී තරුණයෙකු ඝාතනය කර තිබෙනවා.
ඊයේ (19) රාත්‍රියේ මෙලෙස ඝාතනය කර ඇත්තේ පිටිගල ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි තරුණයෙක්.
පිටිගල තලගස්පේ ප්‍රදේශයේ නිවසක පැවති මත්පැන් සාදයක් අතරතුර ඇතිවූ බහින් බස් වීමක් දුරදිග යෑමෙන් මේ ඝාතනය සිදුවී ඇති බවටයි පොලිසිය සැකකරන්නේ.
ඝාතනය සම්බන්ධයෙන් පුද්ගලයන් 6 දෙනෙකුගෙන් පොලීසිය ප්‍රශ්න කර තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් පිටිගල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.