Gossips

ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ ඡන්ද ප්‍රකාශ කිරීම අවසන්

2019 – 2020 වසර සඳහා ශ්‍රී ලංකා නීතීඥ සංගමයට නව සභාපතිවරයෙකු සහ ලේකම්වරයෙකු පත් කරගැනීම වෙනුවෙන් පැවති නිලවරණය මේ වනවිට අවසන්වී තිබෙනවා.
අද උදෑසන 7.30 ට ආරම්භ වූ ඡන්ද ප්‍රකාශ කිරීම කොළඹ ඇතුලූ දිවයිනේ මධ්‍යස්ථාන 83කදී පැවැත්වුණා.
ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති ධුරය සදහා ජනාධිපති නීතිඥ කලිංග ඉන්දතිස්ස සහ ජ්‍යෙෂ්ඨ නීතිඥ මහින්ද ලොකුගේ තරග කළ අතර, ලේකම් ධුරයට තරග කළේ නීතිඥ කෞෂල්‍ය නවරත්න සහ නීතිඥ සමන් වැලිඅංගේයි.
මේ වනවිට ප්‍රතිඵල ගණනය කිරීම ආරම්භ වී ඇති බවයි ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති ජනාධීපති නීතීඥ යූ.ආර්. ද සිල්වා ප්‍රකාශ කළේ.