Gossips

ලක්ෂ 2ක ගංජා සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට – (ඡායාරූප)

වැලිගම ප්‍රදේශයේ නිවසක තිබී රුපියල් ලක්ෂ 2කට අධික වටිනාකමකින් යුත් ගංජා තොගයක් සමඟ පුද්ගලයෙකු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වැලිගම මිරිස්ස ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි පුද්ගලයෙක්.
ඔහු ළඟ තිබි ගංජා කිලෝ එකක් සොයාගත් බවයි පොලිසිය පැවසුවේ.
සැකකරු වැලිගම මිරිස්ස නගරයේ දිර්ඝ කාලයක සිට ගංජා විකිණීම හා බෙදාහැරීමේ නිරත වී ඇති බවයි මුලික පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ.
අත්අඩංගුවට ගත් සැකකරු මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

(ඡායාරූප – වැලිගම තරංග ගුණරත්න )