Gossips

ආනයනික කිරිපිටි ගැන විමර්ශන නිලධාරින්ගේ සංගමයෙන් ප්‍රකාශයක්

ආනයනික කිරිපිටිවල අඩංගු මේද සංඝටක තහවුරු කර ගැනීමට මෙරට තාක්ෂණයක් නොමැති බව සමස්ත ලංකා පාරිභෝගික අධිකාරියේ විමර්ශන නිලධාරින්ගේ සංගමය පවසනවා.
ආනයනික කිරිපිටි වල සත්ත්ව තෙල් අඩංගු බවට පසුගියදා පාර්ලිමේන්තුව තුළ ප්‍රකාශ වීමත් සමඟ ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු සිදුකිරීමට පාරිභෝගික අධිකාරියට පවරනු ලැබුවා.
ඒ සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ අද පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් සමස්ත ලංකා පාරිභෝගික අධිකාරියේ විමර්ශන නිලධාරින්ගේ සංගමයේ ලේකම් ලංකා දික්කුඹුර මේ බව කියා සිටියා.