Gossips

අතුරුදහන් වූ තරුණයෙක් සොයා මවුස්සාකැලේ ජලාශයේ මෙහෙයුමක්

මස්කෙලිය ප්‍රදේශයේ තරුණයෙක් ඊයේ (19) රාත්‍රියේ සිට අතුරුදහන්ව සිටින බවට එම තරුණයාගේ ඥාතින් විසින් මස්කෙලිය පොලිසියට පැමිණිල්ලක් කර තිබෙනවා.
මෙසේ අතුරුදහන් වි ඇත්තේ මස්කෙලිය තැපැල් කාර්යයාලය අසල පදිංචි පැතුම් මදුසංක ලියනගේ නැමති 30 හැවිරිදි අවිවාහක තරුණයෙක්.
ඊයේ රාත්‍රියේ එම තරුණයාට දුරකථන ඇමතුමක් ලැබුණු බවත්, එම දුරකථන ඇමතුමෙන් පසු නිවසින් පිට ව ගිය තම පුතා ආපසු නිවසට නොපැමිණි බවත් අතුරුදහන්ව සිටින තරුණයාගේ පියා පවසන්නේ.
අතුරුදහන්ව සිටින තරුණයාගේ බවට සැකකරන පාවහන් යුවලෙන් එක් පාවහනක් මවුස්සාකැලේ ජලාශයේ අසල තිබි එම තරුණයාගේ ඥාතින් විසින් අද (20) හදුනාගැනිමත් සමග අතුරුදහන් වි සිටින තරුණයා සොයා මවසුසාකැලේ ජලාශයේ මස්කෙලිය පොලිසිය හා ධිවරයන් එම ජලාශයේ මෙහෙයුමක්ද දියත් කර තිබෙනවා.
මෙම තරුණයා පිලිබඳව තොරතුරක් වෙතොත් මස්කෙලිය පොලිසිය වෙත දැනුම් දෙන ලෙසයි අතුරුදහන්ව සිටින තරුණයාගේ ඥාතින් ඉල්ලා සිටින්නේ.