Gossips

බදින තුවක්කුවක් පත්තු වීමෙන් පොලිස් නිලධාරියෙකුට තුවාල

මත්ද්‍රව්‍ය වැටලිමකට ගිය අවස්ථාවේදී වෙඩි වැදිමකට ලක්ව තුවාල ලබා රෝහල් ගත කල පුත්තලම දිසා දුෂණ මර්දන ඒකකයේ ස්ථානාධිපතිවරයාගේ තත්ත්වය බරපතල නොවන බව රෝහල් ආරංචි මාර්ග සදහන් කළා.
ඔහු මේ වන විට පුත්තලම රෝහලේ 07 වන වාට්ටුවේ ප්‍රතිකාර ලබනවා.
ආණමඩුව – පෙරියකුලම ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය වැටලිමට ගිය අවස්ථාවේදි ස්ථානාධිපතිවරයා සතුන්ට ඇට වූ බදින තුවක්කුවක් පත්තුවීමෙන් වෙඩි වැදිමකට ලක් වූයේ ඊයේ රාත්‍රීයේයි.
එම බදින තුවක්කුව අද උදැසන පොලිසිය සොයාගෙන තිබෙනවා.