Gossips

බංග්ලාදේශය සමඟ පැවති එක්දින තරඟාවලියේ ජය නවසීලන්තයට

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සමඟ පැවති එක්දින තරඟාවලිය 3 ට බින්දුවක් ලෙස ජය ගැනීමට නවසීලන්තය සමත් වුණා.
ඒ අද පැවති තුන්වන එක්දින තරඟය ලකුණු 88 කින් නවසීලන්තය ජය ගැනීමත් සමඟයි.
තරඟයේ මුලින්ම පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම කඩුලූ 6 ක් දැවී ලකුණු 330 ක් රැස් කළා.
කෙසේ වෙතත්, පන්දුවාර 47 යි පන්දු 2ක් තුලදී සියලූම ක්‍රීඩකයින් දැවී බංග්ලාදේශයට ලබා ගත හැකිවූයේ ලකුණු 242 ක් පමණයි.