පළාත් සභා මැතිවරණය පැවැත්වීම සඳහා අවශ්‍ය ඕනෑම සංශෝධනයකට සහයදීමට සූදානම් බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා.
එහි පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේමජයන්ත මේ බව කියා සිටියේ කොළඹ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින්.
මේ අතර උතුරේ ජනතාවට නිවාස ඉදිකිරීම සදහා මීට වසර 4කට පෙර ලබාදුන් ඉන්දියානු ආධාරවලින් එක් නිවසක් හෝ මේ වන විට ඉදිකර නොමැති බවට පාර්ලිමේන්තු මන්ත්‍රි සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා චෝදනා කළා.
ඔහු කොළඹදී අද කැදවා තිබූ ප්රවෘත්ති සාකච්චාවකට එක් වෙමින් ඔහු මේ බව සදහන් කළ අතර විපක්ෂයේ තවත් මන්ත්‍රීවරුන් කිහිප දෙනෙක් ද එම අවස්ථාවට එක්ව සිටියා.