Gossips

පාකිස්ථාන අගමැතිත් ඉන්දියාවට අනතුරු අඟවයි

ඉන්දියාවෙන් ප්‍රහාරයක් එල්ලවුවහොත් දෙවරක් නොසිතා ප්‍රතිප්‍රහාර එල්ල කරන බව පාකිස්ථාන අගමැති ඉම්රාන් ඛාන් ප්‍රකාශ කළා.
ජාතිය අමතමින් පාකිස්ථාන අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ කාශ්මීරයේ පුල්වාමා ප්‍රාන්තයේදී ඉන්දීය ආරක්ෂක අංශ සමාජිකයින් 40 දෙනෙකුට මරු කැඳවමින් එල්ලවූ මරාගෙන මැරෙන ප්‍රහාරයට පාකිස්ථානයේ කිසිදු සබඳතාවක් නොමැති බවයි.
පාකිස්ථානයේ සංචාරයක නිරතවූ සෞදියේ ඔටුන්න හිමි මොහොමඞ් බින් සල්මාන් කුමරු එරටින් පිටව යාමත් සමඟයි පාකිස්ථානු අග්‍රාමාත්‍යවරයා මෙලෙස ජාතිය අමතනු ලැබුවේ.
ජාතිය ඇමතීම ප්‍රමාද වූයේ සෞදි කුමරුගේ සංචාරයට මුල්තැන ලබාදිය යුතු නිසා මිස වෙනත් හේතුවක් නිසා නොවන බව ඉම්රාන් ඛාන් සඳහන් කළා.
මේ අතර ඉන්දීය හමුදා භටයින් බෝම්බ ප්‍රහාරයකින් ඝාතනය වීමත් සමඟ එළඹෙන ලෝක කුසලාන තරගාවලියේදී පාකිස්ථානය සමඟ කිසිදු තරගයකට සහභාගි නොවන ලෙසට ඉන්දීය ක්‍රීඩා ලෝලීන් එරට ක්‍රිකට් කණ්ඩායමෙන් ඉල්ලීමක්ද කර ඇති බවද විදෙස් මාධ්‍ය අද වාර්තා කළා.