Gossips

චන්දිමාල්ගෙන් ශතකයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධාන කරන පන්දු වාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ සැරසන්ස් ක්‍රීඩා සමාජය සමඟ අද පැවති තරගයේදී දිනේෂ් චන්දිමාල් ශතකයක් වාර්තා කිරීමට සමත්වුණා.
එන්.සී.සී. ක්‍රීඩා සමාජය නියෝජනය කරන ඔහු පන්දු 62 ක් තුළදී නොදැවී ලකුණු 101 ක් රැස් කළ අතර, පන්දු වාර විස්ස අවසානයේදී එන්.සී.සී. ක්‍රීඩා සමාජය කඩුලු 5 ක් දැවී ලබාගත් ලකුණු සංඛ්‍යාව 196 ක්.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ සැරසන්ස් ක්‍රීඩා සමාජයට නියමිත පන්දුවාර 20දී කඩුලු 9 ක් දැවී රැස් කරගත හැකිවූයේ ලකුණු 149 ක් පමණයි.
ඒ අනුව ලකුණු 47කින් එම තරගය එන්.සී.සී. ක්‍රීඩා සමාජය ජයග්‍රහණය කළා.