Gossips

බලධාරීන්ට නොදැනුණු පුත්තලමේ දුගඳ

පුත්තලම – පරණ මන්නාරම පාරේ 4 කණුව ප්‍රදේශයේ ගව ඝාතකාගාරවලින් ඉවත් කරනා කටු හා කල් ඉතුත් වු කරවල තොග වශයෙන් මෙහි ගෙනැවිත් ඒවා අඹරා කුකුළු කෑම හා පොහොර සකස් කිරීමේ මධ්‍යස්ථානයක් හේතුවෙන් මෙම ප්‍රදේශයේ පාරිසරික ගැටළු රැසක් උද්ගතව තිබෙනවා.
මෙම ස්ථානයට යාබදව පිහිටා ඇත්තේ පුත්තලම වේප්පමඩුව මුස්ලිම් මහා විද්‍යාලයයි.
ප්‍රදේශවාසීන් පවසන්නේ කලක පටන් ජනතාව පෙළන මෙම ගැටළුව පිළිබදව වගකිව යුතු බලධාරීන් අවස්ථා ගණනාවකදී දැනුවත් කර ඇතත් ඉන් පලක් නොවු බවයි.
මෙම නිෂ්පාදනයෙන් ඉවත් කරනා සියළු දෑ එහි සේවකයන් මෙලෙස ගෙනැවිත් දමන්නේ අවට කැලෑබ ද පරිසරයටයි.
පසුගිය කාලයේ ඉවත් බවක් නොමැතිව ඉවත් කෙරෙනු අපද්‍රව්‍ය හේතුවෙන් මෙම ප්‍රදේශයේ සීමිත ජල මුලාශ්‍ර ද මුළුමනින්ම අපිරිසිදු වී අවසන්. මෙම පරිසර හානිය පිළිබදව මාධ්‍ය හරහා වාර්තා නොකරන ලෙස මෙහි හිමිකරු දුරකථන මාර්ගයෙන් ඉල්ලා සිටියේ මෙලෙසයි.
වැරදි කරන මිනිස්සුන්ට චාන්ස් එකක් දෙන්න ඕන.
එලෙස අවස්ථාව ඉල්ලා සිටිය ද මේ වනතෙක් මෙහි උද්ගතව ඇති පාරිසරික හානිය නතර කිරීමට මෙහි හිමිකරුවන් කටයුතු කර නැහැ.
මෙම පරිසර ගැටළුව පිළිබඳ පුත්තලමේ නීතිය ක්‍රියාත්මක කරනා බලධාරීන්ගේ දෑස් විවර වන්නේ කවදා ද ?