Gossips

සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුවට නව අධ්‍යක්‍ෂ ජනරාල්වරියක්

මහා භාණ්ඩාගාරයේ සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුවට නව අධ්‍යක්‍ෂ ජනරාල්වරියක් පත්කර තිබෙනවා.
විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්‍ෂ ජනරාල් ලෙස සේවය කළ නූර් රිස්නා අනීස් මෙලෙස එම තනතුරට පත් කළ බවයි මුදල් අමාත්‍යාංශය සඳහන් කළේ.
මහ භාණ්ඩාගාරය යටතේ පවතින සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුව, විවිධ ණය යෝජනා ක්‍රම මෙන්ම සහනාධාර සහ සුබසාධන ව්‍යාපෘති හරහා සමාජ සංවර්ධනය උදෙසා ක්‍රියාත්මක කරන ආයතනයක් වනවා.
විවිධ පොලී සහන ණය යෝජනා ක්‍රම මෙන්ම සහනාධාර සහ සුබසාධන ව්‍යාපෘති රැසක් මෙම දෙපාර්තමේන්තුව මගින් අධීක්ෂණය කෙරෙන බවයි මුදල් අමාත්‍යාංශය සඳහන් කළේ.