Gossips

මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන නිවසක් මතට පෙරළි යයි

හාලිඇළ අබවක ප්‍රදේශයේදී මාර්ගයේ ගමන් ගත් සුඛෝපභෝගී මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 20ක් පමණ පහල ප්‍රදේශයක පිහිටි නිවසක් මතට පෙරළි ගොස් තිබෙනවා.
අද (19) දහවල් 2ට පමණ මේ අනතුර සිදුව ඇති බවයී වාර්තා වන්නේ.
අනතුරින් නිවසට අලාභ හානි සිදුව ඇති අතර නිවසේ සිටි කිසිවෙකුටත් හානියක් සිදුවී නැහැ.
මෝටර් රථයේ රියදුරුට සුළු තුවාල සිදුවී ඇති අතර හැලිඇළ පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.