Gossips

ප්‍රේමයක් හදාගන්න සිතූ තරුණයෙක් බස් නැවතුමේ සිටි පාසල් සිසුවිය පැහැරගෙන ගොස් පැයකින් සිදුවූ නොසිතූ දේ

ප්‍රේමයක් හදාගන්න සිතූ තරුණයෙක් බස් නැවතුමේ සිටි පාසල් සිසුවිය පැහැරගෙන ගොස් පැයකින් සිදුවූ නොසිතූ දේ "
අරණායකදී පැහැරගත් සිසුවියක් පැයකින් මුදාගැනේ
පැහැරගත් 17 හැවිරිදි පාසල් සිසුවියක පැයක් තුල මුදාගැනීමට හැකිවූ සිද්ධියක් අරණායක ප්‍රදේශයෙන් වාර්තාවනවා.
කෑගල්ල නගරයේ උපකාරක පංතියකට යාම සදහා ගැවිලිපිටිය ප්‍රදේශයේ බස් නැවතුමක රැඳී සිටියදියි ත්‍රීරෝද රථයකින් පැමිණි තරුණයින් දෙදෙනෙකු සිසුවිය පැහැර ගෙන ගොස් ඇත්තේ.
ඇය සමඟ ප්‍රේම සබඳතාවක් ඇති කරගැනීමට උත්සාහ කළ තරුණයෙකු ඊට මුල්වී ඇති අතර, පැහැරගත් තරුණයන් එම සිසුවිය දෙබත්ගම – පල්ලේගම ප්‍රදේශයේ මිතුරෙකුගේ නිවසකට රැගෙන ගොස් තිබුණා.
කෙසේ වෙතත් ඒ අතරතුර ඇය සිද්ධිය සම්බන්ධයෙන් තම මව දැනුම්වත් කර ඇති අතර, වහාම ක්‍රියාත්මක වූ පොලීසිය අදාළ නිවස වටලා සිසුවිය පැහැරගත් දෙදෙනා සහ ඊට අනුබල දුන් තරුණයන් තුන්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මොවුන් මාවනැල්ල දිසා මහේස්ත්‍රාත්වරයා හමුවට ඊයේ ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත මුදාහැරුණු බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ.