මහරගම-බොරලැස්ගමුව මාර්ගයේදී සිදුවූ යතුරුපැදි අනතුරකින් තුවාල ලැබූ අයෙක් එම ස්ථානයේදීම මියගියා.
අද අලුයම 6.35 ට පමණ මෙම අනතුර සිදුව ඇති බවටයි වාර්තා වන්නේ.
මෙම අනතුරින් මියගොස් ඇත්තේ කිරිවත්තුඩුව ප්රදේශයේ පදිංචි 46 හැවිරිදි විවාහකයෙකු බවයි තොරතුරු අනාවරණ වී ඇත්තේ.
බොරලැස්ගමුව සිට මහරගම දක්වා පැමිණි යතුරුපැදිය මහරගම වජිරඥාන විහාරස්ථානය අසලදී මාර්ගයෙන් ඉවතට පැන විදුලි කණුවක ගැටීමෙනුයි අනතුර සිදුව ඇත්තේ.
මහරගම පොලිස් ස්ථානයේ රථවාහන ස්ථානාධිපති උපපොලිස් පරීක්ෂක බුද්ධික අබේකෝන් මහතාගේ උපදෙස් පරිදි අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබෙනවා.
මෙම අනතුර අසල සවිකර තිබූ CCTV කැමරාවක සටහන්ව තිබුනේ මෙලෙසින්.