Gossips

මිය ගිය දළ ඇතෙකුගේ සිරුරක් කහල්ල – පල්ලෙකැළේ රක්ෂිතයෙන් හමුවේ

ගල්ගමුව – ඇහැටුවැව – කහල්ල – පල්ලෙකැළේ රක්ෂිතයේ තිබී මිය ගිය දළ ඇතෙකුගේ සිරුරක් සොයාගෙන තිබෙනවා.
ප්‍රදේශවාසීන්ගෙන් ලද තොරතුරකට අනුව මෙම සිරුර අද පෙරවරුවේ සොයාගත් බවයි වනජීවි නිලධාරීන් සඳහන් කළේ.
මෙම සත්ත්වයා මීට දින කිහිපයකට පෙර මිය ගොස් ඇති බවට සැක කරන අතර, පශ්චාත් මරණ පරීක්ෂණය පශු වෛද්‍ය නිලධාරීන් විසින් අද සිදුකිරීමට නියමිතයි.