Gossips

රත්ගම ව්‍යාපාරිකයින් දෙදෙනා අතුරුදන්වීමේ සිද්ධියට, ඇල්ලූ අයි.පී. රිමාන්ඩ්

රත්ගම ව්‍යාපාරිකයන් දෙදෙනෙකු අතුරුදන්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් දකුණු පළාත් විශේෂ විමර්ශන ඒකකයේ පොලිස් පරීක්ෂක කපිල නිශාන්ත ද සිල්වා ලබන 27 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
ඒ, ගාල්ල මහේස්ත්‍රාත්වරයාගේ නියෝගයකට අනුවයි.
ඊයේ මෙම පොලිස් පරීක්ෂකවරයා අත්අඩංගුවට ගනු ලැබුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින්.
එසේම මෙම සිද්ධිය සම්බන්ධයෙන් දකුණු පළාත් විශේෂ විමර්ශන ඒකකය භාරව සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි විජේගුණවර්ධන මීට පෙර පොලිස් මූලස්ථානය වෙත මාරු කර යැවීමට පොලිස්පතිවරයා පියවර ගත්තා.
ව්‍යාපාරිකයින් දෙදෙනා අතුරුදන් වී අදට දින 26ක් ගතවුවත් ඔවුන් පිළිබදව කිසිදු තොරතුරක් මෙතෙක් වාර්තා වී නැහැ.
ඔවුන්ගේ ඥාතීන් ඉල්ලා සිටින්නේ පරීක්ෂණ සිදුකරමින් පොලිස් නිලධාරීන් අත්අඩංගුවට ගන්නවා සේම, අතුරුදන් වී ඇති ව්‍යාපාරිකයින් දෙදෙනා ද සොයාදෙන ලෙසටයි.
ඔවුන් සම්බන්ධයෙන් ලැබුණු නිර්නාමික ලිපියේ සඳහන් වී ඇති අයුරින් මෙම ව්‍යාපාරිකයින් දෙදෙනා ඝාතනය වී ඇත්නම් එම ඝාතනය සිදුකළේ කවුරුන් ද සහ ඔවුන්ගේ මෘත ශරීර කොතැනක සගවා ඇත්ද යන් පිළිබදව ද හෙළිදරව් කළ යුතු බවටයි ඥාතීන් කියා සිටියේ.
දැනට සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන ආරම්භ කර ඇති අතර, එහි ප්‍රතිඵලයක් ලෙසයි දකුණු පළාත් විශේෂ විමර්ශන ඒකකයේ පොලිස් පරීක්ෂක කපිල නිශාන්ත ද සිල්වා අත්අඩංගුවට ගනු ලැබුවේ. එසේම සිද්ධිය සම්බන්ධයෙන් දකුණු පළාත් විශේෂ විමර්ශන ඒකකය භාරව සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි විජේගුණවර්ධන මීට පෙර පොලිස් මූලස්ථානය වෙත මාරු කර යැවීමට පොලිස්පතිවරයා පියවර ගත්තා.
දැනට සිදුකරන පරීක්ෂණවලින් පසු දකුණු පළාත් විශේෂ විමර්ශන ඒකකය විසුරුවා හැරීමට ද පියවර ගන්නා බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.
පසුගිය මස 23 වනදා රත්ගම – බූස්ස – රත්නඋදාගම ප්‍රදේශයේ පදිංචිව සිටි 31 හැවිරිදි රසීන් චින්තක සහ 33 හැවිරිදි මංජුල අසේල යන ව්‍යාපාරිකයන් මෙලෙස අතුරුදන්වී තිබුණා. පසුව ඉන් එක් ව්‍යාපාරිකයෙකුගේ බිරිඳකට නිර්නාමික ලිපියක් ලැබුණු අතර එහි සඳහන් වූයේ පොලිස් පහරදීමකින් එක් පුද්ගලයෙකු මියගිය අතර, එම සිද්ධිය වසන් කිරීමට අනෙක් පුද්ගලයාද ඝාතනය කර ඇති බවටයි.
මෙම සිද්ධිය හිරු ප්‍රවෘත්ති තුළින් මුල්වරට අනාවරණ කිරීමත් සමඟයි පොලීසිය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ ආරම්භ කළේ.
අතුරුදන් වූ ව්‍යාපාරිකයින් දෙදෙනාගේ ඥාතීන් සහ දරුවෙකු හිරු ප්‍රවෘත්ති අංශයට මෙලෙස අදහස් දක්වා සිටියා.