Gossips

දැවැන්ත ගෝනෙකු මස් කළ තිදෙනෙකු අල්ලයි

හල්දුම්මුල්ල වෑඑළිය ප්‍රදේශයේදී ගෝනෙකු මරා මස් කර ත්‍රී රෝද රථයකින් රැගෙන යමින් සිටි පුද්ගලයන් තිදෙනෙකු අද(19) අත්අඩංගුවට ගත් බව හල්දුම්මල්ල සීලතැන්න වනජීවී කාර්යාලය පවසනවා.
කිලෝ 150ක පමණ ගෝන මස් ඔවුන් සතුව තිබී අත්අඩංගුවට ගත් බවයි වනජීවී නිලධාරීන් සඳහන් කළේ.
සැකකරුවන් දෙදෙනෙකු සොරගුනේ සහ අමිලගම ප්‍රදේශයේ පදිංචිකරුවන් වන බවයි වාර්තා වන්නේ.
සැකකරුවන් අද(19) බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

rn