Gossips

ව්‍යාපාරිකයින් දෙදෙනෙකු අතුරුදන්වීම ගැන අත්අඩංගුවට ගත් පොලිස් පරීක්ෂක රක්ෂිත බන්ධනාගාරයට

රත්ගම ව්‍යාපාරිකයන් දෙදෙනෙකු අතුරුදන්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් දකුණු පළාත් විශේෂ විමර්ශන ඒකකයේ පොලිස් පරීක්ෂක කපිල නිශාන්ත ද සිල්වා ලබන 27 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
ඒ, ගාල්ල මහේස්ත්‍රාත්වරයාගේ නියෝගයකට අනුවයි.
ඊයේ මෙම පොලිස් පරීක්ෂකවරයා අත්අඩංගුවට ගනු ලැබුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින්.
එසේම මෙම සිද්ධිය සම්බන්ධයෙන් දකුණු පළාත් විශේෂ විමර්ශන ඒකකය භාරව සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි විජේගුණවර්ධන මීට පෙර පොලිස් මූලස්ථානය වෙත මාරු කර යැවීමට පොලිස්පතිවරයා පියවර ගත්තා.