Gossips

සල්මාන් කුමරු අද ඉන්දියාවට

සෞදි අරාබියේ කිරුළ හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු සිය පාකිස්තාන සංචාරය නිමවා අද ඉන්දියාවේ නවදිල්ලි නුවරට පැමිණෙනවා.
කාශ්මීර ත්‍රස්ත ප්‍රහාරය හේතුවෙන් ඉන්දියාව සහ පාකිස්තානය අතර රාජ්‍ය තාන්ත්‍රික සබදතා උණුණුම් මුහුණුවරක් ගෙන ඇති අවස්ථාවක ඔහු ඉන්දියාවට පැමිණීම විශේෂ සිද්ධියක්.
පාකිස්තානයේදී සල්මාන් කුමරු එරට දැවැන්ත ආයෝජන සිදුකිරීම සඳහා ගිවිසුම්වලට එළඹුණු අතර තමා පාකිස්තානයේ සෞදි අරාබි තානාපතිවරයා ලෙස සලකන ලෙස අගමැති ඉම්රාන් ඛාන් ඉදිරියේ ප්‍රකාශ කළා.
කෙසේ නමුත් ඉන්දියාව සල්මාල් කුමරු සමඟ පවත්වන සාකච්ඡාවලදී පාකිස්තානය සමඟ පවතින පසමිතුරුකම් ප්‍රදර්ශනය නොකරනු ඇතැයි ඉන්දීය මාධ්‍ය පෙන්වා දෙනවා.