Gossips

හිරු ධර්මප්‍රදීපය අද ඓතිහාසික කන්ද උඩරට ලේවැල්ල – ගංගාරාම රජමහා විහාරයට

අදට යෙදෙන නවම් පුන් පොහෝ දිනය වෙනුවෙන් හිරු ධර්ම ප්‍රදීපය වැඩසටහන ඓතිහාසික කන්ද උඩරට රාජධානියේ ලේවැල්ල – ගංගාරාම පුරාණ රාජමහා විහාරස්ථානය කේන්ද්‍ර කරගෙන සංවිධාන කෙරෙනවා.
ඒ අනුව සුවිශේෂී ආගමික වැඩසටහන් රැසක් ඔබ වෙත සමීප කිරීමටයි හිරු එෆ්.එම්. සූදානමින් සිටින්නේ.
අද නවම් පොහෝදා උදෑසන 06.00 ට අෂ්ඨාංග ශීලයේ සමාදන් කරමින් හිරු ධර්මප්‍රදීපය ආරම්භ වුණා.
එහිදී පිරිස අෂ්ඨාංග ශීලය සමාදම් කරමින් සහ ධර්මානුශාසනාව පවත්වනු ලැබුවේ ලේවැල්ල – ගංගාරාම විහාරාධිකාරී පූජ්‍ය වටපාන සරණංකර ස්වාමීන් වහන්සේ විසින්.
උදෑසන 07.30ට සජීවි විශේෂ ධර්ම දේශනයක් පැවැත්වෙන අතර, අතිපූජ්‍ය පිටිගල ධම්ම විනීත ස්වාමීන් වහන්සේ විසින් මනුදහම සහ ලෝ දහම ගැන විග්‍රහ කරමින් මෙම ධර්ම දේශනාව සිදුකරනු ලබනවා.
විශේෂ ධර්ම සාකච්ඡාව පැවැත්වෙන්නේ පෙරවරු 08.30 සිට 10.00 දක්වායි.
ඒ, අතිපූජ්‍ය ශාස්ත්‍රපති සියඹලාගොඩ ධම්මින්ද ස්වාමීන් වහන්සේ සහ කොළඹ විශ්වවිද්‍යාලයේ ජනමාධ්‍ය අංශයේ ජනමාධ්‍ය පර්යේෂණ අංශ ප්‍රධානී ආචාර්ය ධර්ම කීර්ති ශ්‍රී රන්ජන් සමඟ ජනශ්‍රතිවේදී මහින්ද කුමාර දළුපොතගේ ප්‍රධානත්වයෙන්.
එමෙන්ම තවත් ධර්ම සාකච්ඡා ඇතුලූ ආමිස සහ ප්‍රතිපත්ති පූජාවන් රැසක් අද හිරු ධර්මප්‍රදීපය වැඩසටහන යටතේ ලේවැල්ල – ගංගාරාම පුරාණ විහාරස්ථානය කේන්ද්‍ර කරගනිමින් සිදුකිරීමට නියමිතයි.