Gossips

බ්‍රිගේඩියර් ප්‍රියංකගේ පවුලේ සාමාජිකයන් බ්‍රිතාන්‍යයෙන් පිටමං කරන්න, ගෝලීය දෙමළ සංසදය උත්සාහයක

බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක අමාත්‍ය උපදේශක ලෙස කටයුතු කළ බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දුගේ පවුලේ සාමාජිකයන් වෙත නිකුත් කර ඇති වීසා බලපත්‍ර අහෝසි කරන ලෙස ගෝලීය දෙමළ සංසදය එරට ස්වදේශ කටයුතු ලේකම්වරයාගෙන් ඉල්ලා තිබෙනවා.
ඔවුන් එම ලිපිය මගින් ප්‍රකාශ කර ඇත්තේ බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු නැවත ශ්‍රී ලංකාවට යැවීම පිළිබද සතුට පළ කරන අතර ඔහුගෙන් යැපෙන්නන් වන බිරිඳට සහ ළමයින්ට නිකුත් කර ඇති වීසා බලපත්‍ර අහෝසි කරන ලෙසයි.
අදාළ ලිපිය යොමු කර ඇත්තේ ගෝලීය දෙමළ සංසදයේ ප්‍රකාශක සුරේන් සුරේන්ද්‍රන්ගේ අත්සනින්.
කෙසේ නමුත්, එම ලිපියට පිළිතුරු ලිපියක් යොමු කරන බ්‍රිතාන්‍යයේ විදේශ සහ පොදුරාජ්‍ය මණ්ඩල කටයුතු පිළිබද කාර්යාලයේ දකුණු ආසියානු දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර ඇත්තේ පසුගිය පෙබරවාරි 4 වන දා ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය අසළ සිදුවූ සිද්ධිය සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු කළ බවයි.
ඒ පිළිබදව බ්‍රිතාන්‍ය විදේශ කටයුතු අමාත්‍ය බෝරිස් ජොන්සන් මෙරට විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන අමතා ඍජුවම අදහස් දැක්වූ බව එමගින් සඳහන් කළා.
ලක් රජය ද සිද්ධිය පිළිබද විශේෂ අවධානයක් යොමු කරනු ඇතැයි බ්‍රිතාන්‍ය රජය අපේක්ෂා කරනවා.
ශ්‍රී ලංකාව විසින් බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දුගේ සිද්ධිය පිළිබදව තියුණු පරීක්ෂණයක් සිදුකරන බව බ්‍රිතාන්‍ය රජයේ අදහසයි.
ඒ බව දන්වා බ්‍රිතාන්‍ය විදේශ හා පොදුරාජ්‍ය මණ්ඩල කටයුතු කාර්යාලය මෙම පිළිතුරු ලිපිය යොමු කර ඇති බව සඳහන්.
බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍ය උපදේශක බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දුට කළ කැඳවීමකට අනුව ඔහු පසුගිය 22 වන දා දිවයිනට පැමිණියා.
ඔහු මෙලෙස මතභේදයට ලක්වූයේ නිදහස් දිනය දා ලන්ඩනයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයේ නිරත වූ එල්.ටී.ටී.ඊ හිතවාදීන් පිරිසකට සිය නිළ ඇඳුමේ ‘සිංහ’ සලකුණ පෙන්වා සංඥාවක් කිරීමේ සිද්ධිය හේතුවෙන්.
පසුව ඔහුගේ සේවය තාවකාලිකව අත්හිටවනු ලැබූ බව විදේශ අමාත්‍යාංශ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කලත් නැවත ජනාධිපතිවරයාගේ නියෝගය මත ඔහු යලි එම රාජකාරිවල පිහිටුවනු ලැබුවා.
මේ අතර, යුද හමුදාපතිවරයා විසින් බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු ඊයේ (26) යුද හමුදා මූලස්ථානයට කැදවා කරුණු විමසා තිබෙනවා.
ලන්ඩනයේදී ඇති වූ සිද්ධිය පිළිබඳව එහිදී යුද හමුදාපතිවරයා කරුණු විමසූ බවයි යුද හමුදා මාධ්‍ය ඒකකය සඳහන් කළේ.
එමෙන්ම රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව ද එහිදී සාකච්ජාවට භාජනය වී තිබෙනවා.