Gossips

කෙසෙල්වත්තේ වෙඩිතැබීමට සැකපිට රයිනා STF අත්අඩංගුවට

කෙසෙල්වත්ත – වේල්ලවීදිය ප්‍රදේශයේදී සිදුවූ වෙඩි තැබීමේ සිද්ධියට සැකපිට ඩුබායි අත්අඩංගුවේ පසුවන කෙසෙල්වත්තේ දිනුක ගේ ගෝලයෙකු වන රයිනා නමැති 22 හැවිරිදි අයෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කෙසෙල්වත්ත ප්‍රදේශයේ ඊයේ සිදුවූ වෙඩි තැබීම සංවිධානාත්මක අපරාධ කල්ලි දෙකක් අතර ගැටුමක් බව පොලිසිය පවසනවා.
එම වෙඩි තැබීම සිදු කර ඇත්තේ ඩුබායි හිදී අත්අඩංගුවට ගෙන සිටින කෙසෙල්වත්තේ දිනුක නම් සංවිධානාත්මක අපරාධකරුගේ සමීපතමයෙක්
විසින්.
කෙසෙල්වත්ත වේල්ල වීදිය ප්‍රදේශයේ මාර්ගයේ ගමන් කරමින් සිටි පුද්ගලයෙකු ඉලක්ක කර යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබුණේ ඊයේ රාත්‍රී 7 ට පමණ.
වෙඩි ප්‍රහාරයට ලක් වූ 28 හැවිරිදි තරුණයෙක් ජාතික රෝහලේ ප්‍රතිකාර ලබනවා.
ඔහු කොටහේන චානා නම් සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයාගේ සහයකයෙක් බව පොලිසිය අනාවරණය කරගෙන තිබෙනවා.
කෙසෙල්වත්තේ දිනුකගේ හා කොටහේන චානාගේ අපරාධ කල්ලි අතර ගැටුමක ප්‍රතිපලයක් ලෙස මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව සඳහන්.