Gossips

රත්ගම දී ව්‍යාපාරිකයින් දෙදෙනෙකු අතුරුදන්වීමේ සිද්ධියට පොලිස් පරීක්ෂකවරයෙකු අත්අඩංගුවට

රත්ගම ව්‍යාපාරිකයන් දෙදෙනෙකු අතුරුදන්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් දකුණු පළාත් විශේෂ විමර්ශන ඒකකයේ පොලිස් පරීක්ෂක කපිල නිශාන්ත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සිද්ධියට අදාළව එම ඒකකය භාරව සිටි දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි විජේගුණවර්ධන මීට පෙර පොලිස් මූලස්ථානය වෙත මාරු කිරීමටයි පොලිස්පතිවරයා පියවර ගනු ලැබුවේ.
එමෙන්ම මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගෙන් වාර්තාවක් කැඳවීමට පොලිස් කොමිසම තීරණය කර ඇති බව එහි සභාපති ජී.එච්.මනතුංග කියා සිටියා.
පසුගිය මස 23 වනදා රත්ගම – බූස්ස – රත්නඋදාගම ප්‍රදේශයේ පදිංචිව සිටි 31 හැවිරිදි රසීන් චින්තක සහ 33 හැවිරිදි මංජුල අසේල යන ව්‍යාපාරිකයන් මෙලෙස අතරුදන්වී තිබුණා.
ඉන් අනතුරුව ව්‍යාපාරිකයන් දෙදෙනාගෙන් එක් අයෙකුගේ බිරිඳකට නිර්නාමික ලිපියක් ලැබුණු අතර එහි සඳහන් වූයේ පොලිස් පහරදීමකින් එක් පුද්ගලයෙකු මියගිය අතර, එම සිද්ධිය වසන් කිරීමට අනෙක් පුද්ගලයාද ඝාතනය කර ඇති බවටයි.