Gossips

ඉන්දියාවෙන් මිදි ආනයනය නවතී

පළිබෝධවලින් තොර වගා බිම් සහතික කරන තුරු ශ්‍රී ලංකාව ඉන්දීය මිදි ආනයනය අත්හිටුවීම නිසා එරට මිදි මිල පහත වැටී ඇති බව ඉන්දියන් එක්ස්ප්‍රස් පුවත්පත අද අනාවරණ කළා.
ශ්‍රී ලංකාව පමණක් නොව රුසියාව ද ඉන්දියාව වෙත එම අවශ්‍යතාව සපුරන ලෙස දන්වා තිබෙනවා.
ඉන්දියාවේ මිදි අස්වැන්න නෙලන කාලයේදී මෙම තත්ත්වය උදා වී ඇති බවයි එරට ගොවි නිෂ්පාදන සමාගම් සමූහයක් සඳහන් කර ඇත්තේ.
කෙසේ නමුත්, ශ්‍රී ලංකාව දන්වා තිබූ නිර්නායකයන් තමන් සපුරා ඇති බවත්, ඒ සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රතිචාරය අපේක්ෂාවෙන් සිටින බවත් එම ගොවි නිෂ්පාදන සමූහයේ සභාපති විලාස් ෂින්ඩේ ප්‍රකාශ කර තිබෙනවා.
ශ්‍රී ලංකාව පසුගිය වසරේ ඉන්දියාවෙන් මිදි ටොන් 2331.25ක් ආනයනය කළ අතර, රුසියාව ආනයනය කර ඇති ප්‍රමාණය ටොන් 27,434ක්.