Gossips

ඉන්දීය හමුදා කාශ්මීර දේශසීමාවේ ප්‍රතිප්‍රහාර මෙහෙයුමක

කාශ්මීරයේ – පුල්වාමා ප්‍රදේශයේදී ඉන්දීය ආරක්ෂක හමුදා සාමාජිකයන් 40 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ ත්‍රස්ත ප්‍රහාරයට ප්‍රති ප්‍රහාර මෙහෙයුමක් ඉන්දීය හමුදා විසින් ඊයේ රාත්‍රියේ සිට පැය 12ක කාලයක් ක්‍රියාත්මක කරනු ලැබුවා.
එහිදී පුල්වාමා ත්‍රස්ත ප්‍රහාරය සැලසුම් කළ ත්‍රස්තවාදී මහමොළකරු ඇතුළු ජයිෂ් – ඉ – මොහොමඩ් සන්නද්ධ සාමාජිකයන් දෙදෙනෙකු මිය ගිය බව ඉන්දීය මාධ්‍ය සඳහන් කළා.
ප්‍රහාරය සැලසුම් කළ කම්රන්, ත්‍රස්ත සංවිධානයේ නායක මසූඩ් අසාර්ගේ සමීපතමයෙකු ලෙස සැලකෙන අතර, ඔහු කාශ්මීර නිම්නයේ ත්‍රස්තවාදී සාමාජිකයන් බදවා ගැනීම සහ පුහුණු කිරීම සිදුකළ බව ඉන්දීය ආරක්ෂක අංශ පවසනවා.
ගාසි රෂීඩ් නැමති ඇෆ්ගන් ත්‍රස්ත සාමාජිකයෙකු ද ප්‍රහාරයෙන් මිය ගිය අතර, ඔහු බෝම්බ විශේෂඥයෙකු බව සඳහන්.
ප්‍රති ප්‍රහාර මෙහෙයුමේදී ඉන්දීය ආරක්ෂක අංශ සාමාජිකයන් 4 දෙනෙකු ද මිය ගොස් තිබෙනවා.