Gossips

යාන්ත්‍රික කියත් ලියාපදිංචිය අනිද්දා සිට ඇරඹේ

දැනට භාවිත කරන සියලූම යාන්ත්‍රික කියත් ලියාපදිංචි කිරීම අනිද්දා සිට ආරම්භ කරන බව ආරක්ෂක අමාත්‍යාංශය පවසනවා.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ නියෝගය පරිදි එම අමාත්‍යාංශය ගනු ලැබූ තීරණයක් අනුව මෙම ලියාපදිංචි කිරීම සිදුකරන බවයි ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේ.
ඒ අනුව, රාජ්‍ය, අර්ධ රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ ආයතනිකව හෝ පුද්ගලිකව භාවිත කරන සියලූ යාන්ත්‍රික කියත් ළඟම ඇති පොලිස් ස්ථානය වෙත රැගෙනවිත් ලියාපදිංචි බලපත්‍රයක් ලබා ගත යුතු වනවා.
එම කටයුතු මේ මස 28 වනදා වනවිට අවසන් කිරීමට නියමිත අතර, ලියාපදිංචියෙන් පසු එය හඳුනා ගැනීම සඳහා විශේෂ බලපත්‍රයක් සහ අංක තහඩුවක් නිකුත් කිරීමට ද නියමිතයි.