Gossips

වෙළඳසැලෙන් එළියට පැමිණි අවුරුදු 02 දැරියට මහ දවාලේ සිදුවන්න ගිය විපත

වයස අවුරුදු 02ක කුඩා දැරියක් පැහැරගෙන ගිය පුද්ගලයෙකු මුම්බායි පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගත් පුද්ගලයා 28 හැවිරිදි වියේ පසුවන අයෙක් බවයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ.
සිය පියාගේ වෙළඳසැල තුළ සිටි ෂෙරීන් ෆාතිමා නැමැති දැරිය ඉන් පිටතට පැමිණ තිබෙනවා.
දැරිය වෙළඳසැලෙන් පිටතට පැමිණි පසු මාර්ගයේ ගමන් ගන්නා පුද්ගලයෙකු විසින් ඇයව පැහැර ගැනීම සිදුකර ඇති බව සඳහන්.
එම අවස්ථාවේ දී වෙළඳසැල තුල සිටි දැරියගේ පියා එය වෙළඳසැලේ සවිකර තිබූ ආරක්ෂිත කැමරාවෙන් දැක ඒ පිළිබඳව පොලිසිය දැනුවත් කිරිමෙන් අනතුරුව සැකකරු අත්අඩංගුවට ගැනීමට සමත්ව තිබෙනවා.
එම අවස්ථාව පහතින්.