Gossips

Update :- වැසිකිළි වලක ජීවිතය මරණයත් අතර සටනක නියැලුණු දැවැන්තයා මියයයි

ඊයේ (17) රාත්‍රියේ වැල්ලවාය, කුඩාඔය ප්‍රදේශයේ නිවසක වැසිකිළි වලකට ඇද වැටුණු වන අලියා මියගොස් ඇති බව වාර්තා වනවා.
මෙම සත්වයා ඊයේ රාත්‍රි ගම්වැදී ඇති අතර එහිදී මෙලෙස වැසිකිළි වලකට ඇද වැටී ගොඩ ඒමට නොහැකිව එහි සිරව සිටියා.
අද (18) උදෑසන කාලයේ සිට වැල්ලවාය සහ කිතුල්කෝටේ වනජීවි නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් එක්ව වන අලියා ගොඩගැනීම සදහා දැඩි පරිශ්‍රමයක නිරත වූ නමුත් උදෑසන මෙම සත්වයා වල තුලම මිය ගිය බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
Update :- Monday, February 18, 2019, 12.07PM
——————————————————–
වැසිකිළි වලකට වැටුණු අලියෙකු ගොඩගන්න මෙහෙයුමක්
වැල්ලවාය, කුඩාඔය ප්‍රදේශයේ නිවසක වැසිකිළි වලකට වන අලියෙකු ඇද වැටී ඇති බව අප වාර්තාකරු පවසනවා.
මෙම වනඅලියා ඊයේ (17) රාත්‍රියේ ගම්වැදී ඇති අතර එහිදී මෙලෙස වැසිකිළි වලකට ඇද වැටී ඇති බවයි සඳහන් වන්නේ.
වලට වැටීම හේතුවෙන් මෙම සත්වයාට දැඩිලෙස තුවාල සිදු වී ඇති අතර අද (18) උදෑසන කාලයේ සිට වැල්ලවාය වනජීවි නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් එක්ව වනඅලියා ගොඩ ගැනීම සදහා දැඩි පරිශ්‍රමයක් ගනිමින් සිටිනවා.
මෙම වන අලියා වයස අවුරුදු විස්සත් තිහත් අතර වයසක පසුවන බවයි වනජීවි නිලධාරීන් පවසන්නේ.
ඇද වැටිමෙන් මෙම වන අලියාගේ ශරීර අභ්‍යන්තරයේ සහ බාහිර දැඩි හානි සිදුව ඇති බව වනජීවි නිලධාරීන් වැඩිදුරටත් ප්‍රකාශ කළා.
මෙම ප්‍රදේශයට සෑම දිනකම පාහේ වන අලි කඩාවදින අතර පසුගිය සතියේ දී එලෙස ගම් වැදුනු වන අලියෙකු සිදුකළ ප්‍රහාරයකින් දිවුල් ඇහිදීම සදහා ගිය තිදරු පියෙකු ජීවිතක්ෂයට පත් වුණා.